Spread the love

මහවැව, කොස්වාඩිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් මතට අද (24) දහවල් නොසිතු ලෙස දැවැන්ත ගසක් කඩා වැටී පුද්ගලයින් තිදෙනෙක් තුවාල මාරවිල මුලික රෝහලට ඇතුළත් කළ බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ නිලධාරීන් පවසයි.

හලාවත සිට කොළඹ බලා ගමන් කරමින් තිබු මෝටර් රථය කොස්වාඩිය ප්‍රදේශයේ දී නවතා තිබියදී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් එකම පවුලේ සැමියා, බිරිඳ සහ හත් හැවිරිදි දියණිය මෙලෙස තුවාල ලබා තිබේ.

මෝටර් රථයේ සිරවී සිටි සියලුදෙනාම මහත් පරිශ්‍රමයක් දරා එළියට ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකි වී තිබු අතර දියණිය හා අදාළ යුවළ දැඩි කම්පනයට පත්ව සිටි බව ඔවුන් පැවසීය