Spread the love

නිමල් රාජපක්ෂ-

විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය රටේ ආර්ථිකයට දැඩිව බලපාන බවත් , ඒ අනුව මහ බැංකුව ඉතා ස්වාධිනව නිකුත් කළ වාර්තාව අනුව 2023 ජනවාරි මාසයේ සහ 2024 ජනවාරි මාසයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පැහැදිලිව කරුණු දක්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඇමතිවරයා මේ බව පැවසුවේ පසුගිය 29 වන වන මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය විසින් නිකුත් කළ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය සමබන්ධ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදීය.
ඒ අනුව 2023 වර්ෂයේ සංචාරක ඉපයීම ඇමරිකානු ඩොලර් මිලියන 154 ක් වුවද මේ වසරේ ජනවාරි මාසයේදී එය ඇමරිකානු ඩොලර් මිලියන 342 ක දක්වා එනම් 122 % ක වර්ධනයක් අත්පත්කරගෙන ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම විදේශ ප්‍රේෂණය 2023 ජනවාරියේදී ඩොලර් මිලියන 467 ක් වුවද 2024 ජනාරි මාසයේදී එය 5 % කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වී ඩොලර් මිලියන 488 දක්වා වර්ධනය වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
එසේම මේ වන විට රුපියල් ශක්තිමත් වෙමින් පවතින බවත් , පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව රුපියල 14.6 % කින් පමණ අධි ප්‍රමාණය වී ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ආර්ථිකයේ වැදගත්ම අංගයක් වූ විදේශ සංචිත ප්‍රමාණය ශූන්‍ය තත්ත්වයේ තිබී ඩොලර් බිලියන 2.1 දක්වා වර්ධනය කරගත් බවත්, මේ වසරේ ජනවාරි මාසය වෙද්දී එය ඩොලර් බිලයන 4.5 දක්වා එනම් 114 % කින් වර්ධනය වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කාර්තු 06 කට පසුව 2023 වර්ෂයේ 3 වන කාරතුව ආරථික වර්ධනය ධන අගයක් ගත් බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ අනුව මෙම වසර ධන ආරථිකයක් ගනු ඇති බවට විශ්වාස කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.