Spread the love

හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමගි ජන බලවේගය සමඟ එක්ව ඇත.

ඔහු අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයට එක්ව ඇති බව වාර්තාවෙයි.

දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දූෂණ විරෝධී ගමනේ උපදේශකවරයකු ලෙස සත්‍යප්‍රිය ලියනගේ පත් කිරීමටද කටයුතු කර ඇති බවයි වාර්තා වන්​නේ.