Spread the love

 නාගොඩ- සුමන

ඉතාලියේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත එරටදී භාවිත කිරීමට අවසර දී ඇතිබව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ඉතාලියේ ජීවත් වන හා විවිධ රැකියාවල නිරත වන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාවට මෙතෙක් ප්‍රායෝගික ගැටලුවක් ලෙස පැවැති අන්තර්ජාතික රියැදුරු බලපත් ලබා ගැනීමේ දුෂ්කරතාව සැලකිල්ලට ගෙන එම අවසර ලබාදීම සිදුකර තිබේ.

අදාළ අවසරය ලබාදීමට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා එකඟ වූ බව අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.