Spread the love

තිරුබදු නොගෙවා මුහුදු මාර්ගය මගින් නිති විරෝධීව මෙරටට ගෙන්වමින් තිබූ තෙන්දු කොළ කිලෝ ග්‍රෑම් 2700ක පමණ ප්‍රමාණයක් සමඟ චූදිතයින් 4ක්, ලොරි රථයක් සහ බෝට්ටු හතරක් කුරුණෑගල සුරාබදු නිළධාරීන් නාවික හමුදාවේ සහාය ඇතිව අත්අඩංගුවට ගෙන ඇත.
වයඹ පළාත (1) සහකාර සුරාබදු කොමසාරිස් කපිල විජයසිංහ මහතාගේ උපදෙස් මත , කුරුණෑගල සුරාබදු අධිකාරී ධීර ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ වයඹ පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු ස්ථානාධිපති නලින්ද ප්‍රසන්න කුමාර යන මහත්වරු ඇතුළු නිලධාරීන් මෙම වැටලිම සිදු කළහ.