Spread the love

නිමල් රාජපක්ෂ-

මුහුදු ආහාර නිෂ්පාදනය හා අපනයනය කිරීමේ සමාගමක් වන CM Blue Crabs පෞද්ගලික සමාගම කකුළුවන් ඇසුරුම් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඊයේ (.16) වැනි දින මන්නාටම් ප්‍රදේශයේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

මෙහිදී දේශීය ධීවරයින්ගෙන් කකුළුවන් මිල දී ගෙන, ඒවා සකස් කර ඇසුරුම් කිරීමෙන් පසු ඔවුන්ගේ ප්‍රධාන කර්මාන්ත ශාලාවට යැවීම මෙම කර්මාන්ත ශාලාවෙන් සිදු කරනු ලබයි. මෙම ආයතනය මීට පෙර මන්නාරම දිස්ත්‍රික්කයේ පේසාලෙයි ප්‍රදේශයේ ටින් මාළු කර්මාන්ත ශාලාවක්, අයිස් කර්මාන්ත ශාලාවක්, මාළු කෑම නිෂ්පාදනාගාරයක් ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම මත්ස්‍ය තෙල් කර්මාන්ත ශාලාවක් ද ආරම්භ කොට සාර්ථකව පවත්වාගෙන යමින් සිටී.

මෙම ආයතනයෙන් 800 ත් 1000 ත් අතර පිරිසකට රැකියා අවස්ථා සැපයීමට හැකියාව ලැබී ඇති අතර දිවයින පුරා ශාඛා 22 ක ක්‍රියාත්මක වන මෙම සමාගම මන්නාරම දිස්ත්‍රික්කයේ කාන්තාවන් මූලික වන පවුල් 200 කට රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කර ඇත.