Spread the love


නිමල් රාජපක්ෂ –

මුහුදු බඩ මාර්ගයේ ඊයේ රාත්‍රියේ දුම්රිය යක් පිලීපැනිම හේතුවේන් දුම්රිය ධාවනය ඇන හීටීමත් සමගින් එක් මාර්ගයක් අද අළුයම සිට දුම්රිය ධාවනයට එක් කළ දකාර්යාල බලා ධාවනය වන දුම්රියයයන් බොහෝ වේලාවක් ප්‍රමාද වි ධාවනය කිරිමෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්වුහ‍
බොහෝ රාජකාරි ස්ථානවල රතුඉර වැදුනු බවට මගිහු මැසිවිලි නැගුහ.
කොළඹ කොටුව සිට දකුණු කළුතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කොට බේරේ පාලම මත දී ඊයේ රාත්‍රී පිලී පැනීමකට ලක්විය මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ මාර්ග දෙකම මුලුමනින්ම ඊයේ රාත්‍රියේ අවහිර වී දුම්රිය ගමනාගමනය ඇනහිටි බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
මේ වන පිලි පැනීමෙන් අවහිර වී තිබු එක් මාර්ගයක් දුම්රිය ගමනාගමන කටයුතු සඳහා ලබා දී ඇති අතර අනෙක් මාර්ගයේ දුම්රිය මැදිරි ඉවත් කරමින් තිබෙන අතර තවම මැදිරි පිලීගත කිරීම් සිදුවේ.

ඒ අනුව මේ දක්වා කොළඹ දෙසට පැමිණෙන දුම්රිය ඇතුලත් කිරීමේ කටයුතු සිදුවූවද, කොළඹ සිට මුහුදුබඩ මාර්ගය ගමන් කරන දුම්රිය ධාවනය වී නැත. මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු තවදුරටත් ප්‍රමාද වෙමින් සිදුවේ.