Spread the love

මීළඟ ඉල් මහ සමරුව පවත්වන්නේ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ බව ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගය ලෙස පොදු ජනයා සංවිධානය කිරීමට විශාල වැඩ කොටසක් කරගෙන යන බවත් එම ව්‍යාපාරයට ආධ්‍යාත්මය කැඳවීමේ බලය ජනතා විමුක්ති පෙරමුණ හැටියට බාර ගත යුතු බවත් හෙතෙම පැවසීය.

අන් කවරදාටත් වඩා ඉල්මහ ව්රුවන්ගේ සාරය හදවත්වලට ඇතුළු කර ගත යුතු බවත් අන් කවරදාටත් වඩා වැඩියෙන් ඔවුන්ගේ සාරය ආධ්‍යාත්මයට එකතු කරගත යුතු බව හෙතෙම එහිදී තවදුරටත් පැවසීය

මහරගම තරුණ සේවා සභාවේ පැවති ඉල් මහා සමරුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය