Spread the love

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මිනී පෙට්ටියක් රැගෙන අද (04) සවස බොරැල්ල කනත්තට ගොස් තිබුණි.

එම පිරිස බොරැල්ල කනත්තට ඇතුළු වීමට උත්සාහ කිරීමේදි එහි ආරක්ෂක නිලධාරින් ඊට එරෙහිවී ඇති අතර එහිදී දෙපිරිස අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

කෙසේවෙතත් ආරක්ෂක නිලධාරීන්ගේ විරෝධය මැදම හිටපු අමාත්‍යවරයා ඇතුළු විරෝධතාකරුවන් ඊට ඇතුළු වී තිබේ.