Spread the love

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී වෙඩිවැදී ජීවිතක්ෂයට පත් වු පොලිස් සැරයන්වරයාට අවසන් ගෞරව දැක්වීම සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (13) දේහය තැන්පත් කර තිබු නිවසට ගොස් එම නිලධාරීයාගේ පවුලේ ඥාතින් වෙත රුපියල් මිලියනයක මුදලක් ලබාදී තිබේ.


පසුගිය සෙනසුරාදා අලුයම් කාලයේ මල්වතුහිරිපිටය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඇති වු ගැටුම්කාරී තත්ත්වයක් අතරතුර සිදුවු වෙඩි තැබීමකින් අදාළ පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත්වුණි.

මේ අතර, ජීවිතක්ෂයට පත් වු පොලිස් සැරයන්වරයා උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබේ.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙම උසස්වීම ලබාදී ඇති බව පොලීසිය සඳහන් කළහ