Spread the love

7
නිමල් රාජපක්ෂ-

යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ කලාප වල ශීත සෘතුව ආරම්භ වීමත් සමගම කොළඹ වරායට ද මගී නෞකාවන් විශාල වශයෙන් සංචාරකයින් රැගෙන පැමිණි විට ඹවුනට අවශ්‍ය පහසුකම් ලබා දීමට පියවර ගන්නා බව පැවසුවේය.
ඇමතිවරයා එසේ පැවසුවේ ඊයේ කොළඹ වරායට මගි නෞකා තුනකින් සංචාරකයින් හාරදහසකට ආසන්න පිරිසක් පැමිනී අවස්ථාවේදීය.

වස්කෝ ද ගාමා (Vasco Da Gama), මෙයින් ෂිෆ්-05 (Main Schiff -05), සෙවන් සීස් (MS Seven Seas) යන මගී නෞකාවන් කොළඹ වරායට සේන්දු විය. සංචාරකයින් 4000 ක් පමණ මෙම නෞකා 03න් පැමිණි බව එම නෞකාවන්ගේ දේශීය නියෝජිත ආයතනය වන එයිට්කන් ස්පෙන්ස් ( Aitken Spence) සමගම පවසයි.
මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා ,


එලෙස පැමිණෙන සංචාරකයින් හට වරාය පරිශ්‍රය තුළ ස්ථාපිතකොට ඇති පහසුකම් නිරීක්‍ෂණය කිරීමට ඇමතිවරයා අමතක නොකලේය , නිමල් සිරිපාල ද සිල්වා මහතා මගී පර්යන්තය වෙත විශේෂ නිරීක්‍ෂණයක යෙදිණි. එහිදී අමාත්‍යවරයා විසින් තිබෙන පහසුකම් පුළුල් කිරීමටත් නිරීක්‍ෂණය වූ අඩුපාඩු විධිමත් කිරීමටත් නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. එහිදී වත්මන් රජය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ගන්නා උත්සාහයට කොළඹ වරායේ දායකත්වයේ ඇති සුවිශේෂී වැදගත්කම ද අමාත්‍යවරයා අවධාරණය කළේය.