අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී බැංකු කාඩ්පත් මඟින් ගනුදෙනු කිරීම මැයි 1 වන දා සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
ඇමතිවරයා මේ බව පැවසුවේ අද (11) දින ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී debit සහ credit කාඩ්පත් මඟින් ගෙවීම් කටයුතු සිදුකිරීමට සහසුකම හිමි වනු ඇත.
touch and go ක්‍රමයට හෝ insert ක්‍රමයට තත්ත්පර 8ක් වැනි කාලයක් තුළ මෙය සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ප්‍රවාහන ඇමතිවරයා පැවසුවේය.
කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල දී මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස මේ වනවිට ආරම්භ කර ඇතැයි ද බිමල් රත්නායක අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.