Spread the love

මැයි මාසය ඇතුළත තම කණ්ඩායම නව සන්ධානයක් ගොඩනඟන බවත්, ජනාධිපතිවරයා ගෙන යන රටට හතුරු වැඩපිළිවෙළට කිසිම ආකාරයකින් සම්මාදම් වීමට සූදානමක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

එම වැඩපිළිවෙළ තමන් ප්‍රතික්ෂේප කරන බවත්, ඒ හරහා රටට සුගතියක් නොවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම නිසා මැයි මාසය ඇතුළත නව සන්ධානයක් ගොඩනඟන බවත් ,, එයින් ජනාධිපතිවරණය සඳහා නව අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් වැඩි දුරටත් පැවසුවේය.