Spread the love

මැතිවරණ රාජකාරී ලැබී ඇති රාජ්‍ය සේවකයින් එම රාජකාරී සඳහා නිශ්චිත වේලාවට වාර්තා කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

එලෙස වාර්තා නොකරන මැතිවරණ රාජකාරී සඳහා යොදවා ඇති රාජ්‍ය සේවකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසීය.

මැතිවරණ කටයුතු සිදුකරගෙන යාම සඳහා සියලු නිලධාරීන්ගේ සහයෝගය නිසියාකාරව ලැබිය යුතුය.

ඒ අනුව කල් වේලා ඇතිබව සිය මැතිවරණ රාජකාරි ස්ථානයට වාර්තා කල යුතු බව වැඩිදුරටත් පැවසීය.