Spread the love

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන මැයි 06 දිනට නියමිතට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

එළැඹෙන 24, 25 සහ 28, 29 යන දිනවලදී පමණක් අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකරන බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අදාළ නිවේදනය පහතින්.