Spread the love

පළාත් පාලන ඡන්දය එළඹෙන අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීරණය අනිද්දා ගැනීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා.

එදිනට මැතිවරණ කොමිෂන් සභාව වෙත සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් කැඳවා ඇති අතර එහි දී එම තීරණය ගන්නා බවයි කළ විමසීමක දී මැතිවරණ කොමිසමේ සභාපති නිතීඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ.