Spread the love

නිමල් රාජපක්ෂ-

එළඹෙන ජනාධිපතිරණයට පෙර උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදු කරන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගමනා ගමන ඉන්දික ජගත් ඉදිපොලගේ මහතා පවසයි.
මේ වනවිට මහව අනුරාධපුරය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ නවිකරන කටයුතු සිදු කරන අතර ලබන සැප්තැම්බර් මුල සතියේ දුම්රිය ධාවනයට එක් කිරිීමට තීරණය කොට තිබේ. දැනටමත් දුම්රිය ස්ථාන බොහොමයක ඉදිකිරිමේ කටයුතු නිමකර ඇතත් වර්ණ සංඥා පද්ධිතියේ වැඩ නිම කිරීමට ප්‍රමාද වන බැවින් මගී ජනතාවගේ ගමන් පහසුව සදහා ටෝකන් ක්‍රමය යටතේ දුම්රිය ධාවනයට එක් කිරීමට පියවර ගැණේ. මහව අනුරාධපුරය අතරදුම්රිය හරස් මාර්ග 47 ක් පමණ තිබෙන අතර එම දුම්රිය හරස් මාර්ග සදහා ආරක්ෂිත දුම්රිය ගේට්ටු සවිකර නැතත් එම ස්ථානවලට විකල්ප ක්‍රමවේදයක් හැටියට මහව සිට අනුරාධපුරය සදහා දුම්රිය හරස් මාර්ග සදහා දුම්රිය දෙපාර්තුමෙන්තුවේ නිලධාරින් යොදවා දුම්රිය ධාවනයට එක් කරන බවද ඉදිපොලගේ මහතා පැවසුවේය

අලිමාරුවන උමං මාර්ගයේ වැඩ කටයුතු තාමන් ඉදිකර අවසන් නොමැති බැවින් එය ඉදිරියේදි ඉදිකිරිම් කිරිිමට නියම කොට ලබන මස මුල් සතියේ දුම්රිය ධාවනය කිරිටම කටයුතු කරන බවද පැවසුවේය..

තව දුරටත් අදහස් දැක්වු ඉදිපොලගේ මහතා ,

වීඩියෝව නරඹන්න