Spread the love

ඉදිරි පළාත් පාලන මැතිවරණය නියමිත කාලයේ දී අනිවාර්යෙන්ම පවත්වන බවට මැතිවරණ කොමිසම සඳහන් කර තිබේ.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ සමඟ මැතිවරණ කොමිසම පැවති සාකච්ඡාවක දී එහි සභාපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ඊට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ දෙසැම්බර් 9 සහ ජනවාරි 9 අතර කාලය තුළ මැතිවරණය අනිවාර්යෙන්ම ප්‍රකාශයට පත් කරන කරනු ඇති බවයි.

පෙබරවාරි මස 20 වන දිනට පෙර මැතිවරණය අනිවාර්යෙන්ම පවත්වා අවසන් කළ යුතු බවට මැතිවරණ කොමිසම සිටින බවද එම සාකච්ඡාවට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

ඒ අනුව දෙසැම්බර් මස මුල් සතියේ වනවිට මැතිවරණය ප්‍රකාශයට පත්කර නාමයෝජනා කැඳවීම සිදු කරනු ඇතැයිද මහලේකම්වරයා තවදුරටත් කියා සිටියේය.