Spread the love

මෙම වසරේ මුල් මාස දෙක තුළ රිය අනතුරු 324 කින් පුද්ගලයින් 641 ක් බරපතල තුවාල ලබා ඇති බවත් එයින් 341 දෙනෙකු මිය ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසයි.

යතුරුපැදි ත්‍රීරෝද රථ ධාවනය කිරීමේදී විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, පදික මාරුවේදී ද පදිකයින් මාරුවන අවස්ථාවේදී වාහන හිමියන් කල්පනාකාරී විය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.