Spread the love

ජාතික ජන බලවේග රාජ්‍ය පාලනයක් යටතේ රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කරණයකට ලක් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මත විජිත හේරත් මහතා සඳහන් කරයි.

ඒ හරහා රජයේ සේවකයන්ට නිශ්චිත වගකීමක් පවරන බවද පවසන ඔහු රාජ්‍ය සේවකයා හරහා ජනතාවට සේවය ලබා දීම සඳහා වූ ක්‍රමවේදය නිවැරදි කිරීමට ලක් කරන බවද කියා සිටියේය.

නවීන තාක්ෂණය හරහා ඩිජිටල් කරනණයකටය ලක් කර රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට තම පාලනයක් යටතේ කටයුතු කරන බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී එ් මහතා මෙම අදහස් පළ කර ඇත.