Spread the love

ජාතික ජනබලවේග ඉදිරිපෙළ නියෝජනය කරන කලාකරුවෙක් මේ දිනවල කොළඹ වරාය නගරයේ කොන්ත්‍රාත්තුවක නිරත වන බව රංගන ශිල්පී අර්ජුන් කමලනාත් මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගයේ නායකයා වරාය නගරය සම්බන්ධයෙන් සිදුකරන ලද කළුගල් සම්බන්ධ ප‍්‍රසිද්ධ විවේචනයක්ද තිබියදී එම පක්‍ෂයේ කලාකරුවන් අද එහි ව්‍යාපාර කරන බවයි.

අද වන විට ජාතික ජන බලවේගය සමඟ සිටි කලාකරුවන් එම වේදිකාවෙන් මගහරින ස්වභාවයක් තමන් දකින බවද ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාරිකාවක සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.