Spread the love

.

මාලිගාවත්ත, සෙවණ මාවත ප්‍රදේශයේ දී අද (01) දවහල් වෙඩි තැබීමක් සිදුව තිබිණි.

අද විවෘත කරන ලද යතුරුපැදි සේවා ස්ථානයකට රතු පැහැති යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසයි.

එම සේවා ස්ථානයේ හිමිකරු වන මාලිගාවත්තේ ප්‍රදීප් නැමැත්තා ප්‍රහාරයෙන් තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාට ඔහුගේ උදර ප්‍රදේශයට වෙඩි පහර දෙකක් වැදී ඇති බවත් එම පුද්ගලයා වයස අවුරුදු තිස් අටක් වන බොරැල්ල මෙත්සිරි සෙවණ ප්‍රදේශයේ පදිංචි dinesh pradeep නැමැත්තකු බව අනාවරණය කරගෙන තිබෙනවා..

පිස්තෝලයකින් මෙම වෙඩි ප්‍රහාරය සිදුකර ඇති බව වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.