Spread the love

දුර බැහැර ප්‍රදේශ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වූ ජාතික ජනබලවේග මන්ත්‍රිවරුන් පිරිසකට මේ වනවිට මාදිවෙල මන්ත්‍රි නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දී ඇති අතර ඔවුන්ගේ එම නිවාසවලට අවශ්‍ය මූලික ගෘහ උපකරණ පක්ෂය විසින් සම්පාදනය කරනු ලැබ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ගෘහ භණ්ඩ ගෑස් සිලින්ඩර, උදුන්, විදුලි පංකා වැනි උපකරණ පක්ෂය මඟින් මෙම නිවාස වෙත සපයා ඇති අතර මෙතෙක් මෙම භාණ්ඩ සපයා ගැනුණේ එක් එක් මන්ත්‍රිවරුන් සිය පෞද්ගලික ධනයෙනි.

මෙලෙස දේශපාලන පක්ෂයක් ඔවුන් වෙත අදාළ භාණ්ඩ සැපයූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.