Spread the love

ශ්‍රී ලංකා ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක‍්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

එ අනුව ඒ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමේ සූදානමක සිටින බවද එම ආරංචි මාර්ග පැවසුවේය.

ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වයත් රට පුරා ගමන් දේශපාලනයෙන් යෙදීමට ඇති අපහසුතාවයත් මත මෙම තීරණය මේ ගැන ගැඹුරින් සාකච්ඡා වෙමින් තිබේ.

කෙසේ නමුත් ඉදිරි මැතිවරණයකදී පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ඒ මහතා තවදුරටත් කටයුතු කරනු ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.