Spread the love


නිමල් රාජපක්ෂ-

හම්බේගමුව මව්ආර රක්ෂිතයේ ඉතා රහසිගතන අනවසරයෙන් වගාකර තිබු රුපියල් ලක්ෂ හයක් වටිනා ගංජා හෙන් දෙකක් වටලා සැකකරුවන් දෙදෙනකු මොනරාගල සුරාබදු නිලධාරින් ඊයේ(25) අත්අඩංගුවට ගෙන ඇත


හම්බේගමුව සිට රක්ෂිතයේ කිලොමීටර් පහක් පමණ දැඩි දුෂ්කරතා මධ්‍යයේ ගමන් කොට බොරු වලවල් මර උගුල් වලින් බේරි ගොස් අක්කර බාගය බැගින් වු වගා කරතිබු ගංජා හේන් දෙකක් සොයාගත් බව මොනරාගල සුරාබදු අධිකාරි ටී.එම්.බි.තිලකරත්න මහතා පැවසුවේය.


ගංජා හෙන් දෙකෙහි අඩි නතුක් පමණ උසට වැඩි තිබු ගංජා පැල 3000 ක් පමණ ගලවා ගිනිතබා විනාස කරීමට සුරාබදු නිලධාරීන් පියවර ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් පසු මහේස්ත්‍රාත් වරයා සැකකරුවන් දෙදෙනාට රුපියල් 14000 දඩ මුදලක් ගෙවන ලෙස නියම කළේය.

සහකාර සුරාබදු කොමසාරිස් S.රන්ජන් මහතාගේ උපදෙස් මත, මොනරාගල සුරාබදු අධිකාරි T.M.B.තිලකරත්න මහතාගේ අධීක්ෂණයෙන් හා සහභාගිත්වයෙන් ,මොනරාගල සුරාබදු ස්ථානාධිපති තුෂාර ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂකවරුන් වන සමන්ත හෙන්නායක , කුසල් වීරසේකර ,සුරාබදු සැරයන් 847 අජිත් නායක ,සුරාබදු කෝප්‍රල් 836 දුමින්ද රත්නායක ,සුරාබදු නියාමකවරුන් වන 665 විජිතානන්ද ,1081 කමලසිරි බන්ඩාර ,1189 ,ගිහාන් සේනාරත්න , සුරාබදු රියදුරන් වන සම්පත් කුමාර වර්ෂහැන්නදිගේ යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.