Spread the love

ඇල්පිටිය පොලිස් වසමේ අනුරුද්ධගම ආරාමය මාර්ගයේ ගමන් කරමින් සිටි මවකට සහ ඇයගේ පුතුට අද පෙරවරුවේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තිබේ.

පහරකෑමෙන් තුවාල ලබා ඇත්තේ කාන්තාව 55 හැවිරිදි වියේ පසුවන අතර ඇයගේ පුත්‍රයා 25 හැවිරිදි වියේ පසුවෙයි.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අසල්වැසියන් සමඟ පැවති ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇති බවය.

දෙපාර්ශ්වය අතර පවතින ආරවුලකට අදාළ පැමිණිල්ලක් අද ඇල්පිටිය පොලිස් ස්ථානයේදී විභාග කිරීමට ඔවුන් කැඳවා තිබූ පසුබිමක මෙම පහරදීම සිදුකර තිබේ.