Spread the love

ජංගම දුරකථනයක් ඉල්ලා ඇතිවු බහින් බස් වීමක් ඝාතනයකින් ඉවර වු පුවතක් නව කැළණි පාලම ප්‍රදේශයෙන් වාර්තාවෙයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ සේදවත්ත ප්‍රදේශයේ 31 හැවිරිද් පුද්ගලයෙක් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයයි.
ජංගම දුරකථනයේ බහින්බස්වීම ඊයේ රාත්‍රියේ ඇතිවි ඇති අතර එක් පුද්ගලයකු ජංගම දුරකථනය නුදුන් පුද්ගලයාට තියුණු ආයුධයකින් ඇන මේ ඝාතනය සිදු කර තිබේ.
ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගත් අතර ඹහු 18 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවකු බව පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබදව ග්‍රෑන්ඩ් පාස් පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.