Spread the love

ඉක්මනින් රෝහල් වෙත ඉන්ධන නොලැබුණහොත් නොමේරූ ළදරුවන් 130 දෙනෙකුගේ ජීවිත අනතුරක පවතින බව ගාසා හී වෛද්‍යවරුන් අනතුරු අගවා තිබෙනවා.

කුඩා දරුවන්ගේ දරුවන් ගේ දිවි බේරා ගැනීමට නම් ඉන්ධන කඩිනමින් අවශ්‍ය බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම හේතුවෙන් ගාසා තීරයට මේ වන විට සම්පූර්ණයෙන්ම ඉන්ධන සැපයීම අත්හිටුවීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් ගාසා තීරයේ දැඩි දුෂ්කරතා රැසකට එහි ජනතාව මුහුණ දී තිබෙනවා.