Spread the love

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂකගේ නිවසේ තිබේ ගංජා පැළ කිහිපයක් සොයාගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් ඔහු කඩුගන්නාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කඩුගන්නාව නගර සභාවේ මන්ත්‍රීවරයෙකු මෙම සැකකරු මෙවර පළාත් පාලන මැතිවරණයට ද අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් ව සිටියි.

ඔහුගේ ගෙවත්තේ මල් පෝච්චිවල වගා කළ අඩි හතරක් පමණ උසින් යුත් ගංජා කළ කිහිපයක් සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

පරීක්ෂණ ඉදිරියටත් ක්‍රියාත්මක වෙමින් ඇත.