Spread the love


නිමල් රාජපක්ෂ-

ඉදිරි වසර කිහිපය තුල දිවයිනේ සියළු ප්‍රාථමික සෞඛ්‍ය ආයතන සංවර්ධනය කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය ලේකම්වරයා පවසයි.

මධ්‍ය පලාතේ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ ගිලන් රථ රියදුරන් 200 කට විශේෂ පුහුණු වැඩ මුළුවක් පවත්වා සහතික පත් හා නිල කබායක් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතාගේ ප්‍රධානයෙන් ලබා දීමට පියවර ගෙන ඇත.

මධ්‍යම පළාතේ විශේෂිත, තෘතියික, ද්විතීයික සහ පර්යන්ත රෝහල්වල හදිසි ප්‍රතිකාර රෝගී අංශවල (ETU) ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු කාර්ය මණ්ඩල සදහා පසුගිය කාලය තුළ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

එම වැඩසටහනට මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය, මාතලේ දිස්ත්‍රික්කවල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සියළු රියදුරු මහතුන් සහභාගිකරවා ගෙන තිබිණ.