Spread the love

නිමල් රාජපක්ෂ –

කෝපියාවත්ත, ගෝනපොල, මොරොන්තුඩුව හා පොහොද්දරමුල්ල යන ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර හතරක් වටලා සැකකරුවන් හතර දෙනෙකු ඊයේ (21) කළුතර සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් නිෂ්පාදනාගාර හතරෙහි තිබී කසිප්පු ස්ප්‍රීතු බෝතල් 80ක් න, ගෝඩා මිලි ලීටර 37000ක් දගර හතරක් හා පෙරීමට ගන්නා බැරල් ඇතුළු උපකරණ තොගයක් සොයා ගත් බව කළුතර සහකාර සුරාබදු කොමසාරිස් නාලක මලවිපතිරණ මහතා පවසයි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (23) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වීඩියෝව නරඹන්න

සුරාබදු කොමසාරිස් ජෙනරාල් නිශාන්ත ජයවීර මහතාගේ උපදෙස් මත , කළුතර සහකාර සුරාබදු කොමසාරිස් නාලක මලවිපතිරණ ,කළුතර සුරාබදු අධිකාරී සුදත් කොලොන්න යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ සුරාබදු ස්ථානාධිපති ප්‍රදීප් ජයවර්ධන ගේ මෙහෙයවීමෙන් , සුරාබදු පරීක්ෂක ධම්මික චතුරංග, සුරාබදු සැරයන් කෝසල, සුරාබදු කෝප්‍රල්වරුන්ව කුමාර, උමේෂ්, සුරාබදු නියාමක රාජපක්ෂ හා කාන්තා සුරාබදු කෝප්‍රල් දිල්හාර සුරාබදු රියදුරු වරුන හා අළුත්ගම සුරාබදු නිලධාරීන් එක්ව මෙම වැටලිම් සිදු කළහ.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න