Spread the love


නිමල් රාජපක්ෂ-

මීගම, බෝලකෑල්ල ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් හා මහ රා ජාවාරක් වටලා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් තිදෙනකු මතුගම සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී මත්පැන් නිෂ්පාදනාගාර වල තිබු ගෝඩා සියල්ල විනාස කළ අතර මත්පැන් නිෂ්පාදයට යොදා ගන්නා බැරල් දගර ඇතළු උපරණ සියලල් විනාස කර දැමු බවද කළුතර සුරාබදු අධිකාරී සුගත් කොලොන්න මහතා පවසයි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන්පසු මහේස්ත්‍රාත්වරයා නීති විරෝධි මත්පැන් ජාවාරමේ නිරත සැකකරුවන් දෙදෙනාට රුපියල් 33 000/ ක්ද , මහරා ජාවාරම් කරුට රුපියල් 8000/ කද දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට තිබේ.

බස්නාහිර පළාත (II ) සහකාර සුරාබදු කොමසාරිස් M.S.ද කොස්තා මහතාගේ උපදෙස් මත, කලුතර සුරාබදු අධිකාරී සුගත් කොලොන්නේ මහතාගේ සහභාගිත්වයෙන් ,මතුගම සුරාබදු ස්ථානාධිපති ජගත් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂක එස් .එල් .ගයාශාන් , සුරාබදු සැරයන්වරුන්වන 824 රසික, සුරාබදු නියාමක 1179 රවිඳු, 1190 නිශාන්, 1196 අරවින්ද, රියදුරු කසුන් යන නිළධාරීහු මෙම වැටලීම් සිදු කළහ.