Spread the love

භීෂණ සමයේ තම පියා ඝාතනය කිරීමට පැමිණි ඝාතකයා අද අනුර කුමාර දිසානායක මහතාගේ වේදිකාවේ සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එම කාලයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් මහජන පක්ෂයේ බොහෝ දෙනෙක් ඝාතනය කරන ලද බවද තම පියාද එකල මහජන පක්ෂයේ සිටි සිටි බවත් ඇය සදහන් කලාය.

ඝාතකයන් පැමිණ වෙඩි තබන්නට උත්සාහ කරද්දි තම සීයා එම ඝාතකයන් සමග පොරබැද ඝාතකයන්ගේ තුවක්කුවෙන් වෙඩි තබා ඝාතකයා ඝාතනය කළ බව ද ඇය පැවසුවාය.

එම ඝාතනය සඳහා පැමිණි ප්‍රධානියා අද අනුර කුමාර දිසානායක මහතාගේ වේදිකාවේ සිටින බවත් පැවසූ ඇය නුදුරේදීම එම නම් ගම් සමග තමන් සියල්ල හෙළිදරව් කරන බවද කියා සිටියාය.

ඇය මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය ජන හමුවක් අමතමිනි.