Spread the love

මීට වසර 08කට ඉහතදී නැගෙනහිර යුක්‍රේන ගුවන් සීමාවේදී මගී ගුවන්යානයක් මිසයිල ප්‍රහාරයකින් බිමහෙළීමේ සිද්ධිය සම්බන්ධයෙන් නෙදර්ලන්ත අධිකරණයක් මගින් පුද්ගලයින් තිදෙනෙක් වැරදිකරුවන් බවට තීන්දුකර තිබේ.

එහිදී ගුවන් මගීන් 298 දෙනෙක් මරණයට පත්විය.

අධිකරණයේදී හෙළිවී ඇත්තේ රුසියානු සහාය ලැබූ සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයින් රුසියාව විසින් සපයා තිබූ මිසයිලයක් යොදාගෙන අදාළ ප්‍රහාරය එල්ල කර තිබු බවය.

එහිදී MH17 යානය කඩා වැටුණි.
   
විනිසුරුවරුන් විසින් රුසියානු ජාතිකයින් දෙදෙනෙක් සහ යුක්‍රේන ජාතිකයෙක් වැරදිකරුවන් බවට තීරණය කරමින් ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.

තවත් එක් රුසියනුවෙක් නිදහස් කළ අතර විත්තිකරුවන් නඩු විභාගයට සහභාගී නොවිණි.