Spread the love

පැවති ගංවතුර ත;ත්ත්වය පහව යාමත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ බෝවන රෝග පැතිර යාමේ අවධානමක් ඇතිබව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ඒ අනුව නෙළුව ,තවලම ,නාගොඩ වැලිවිටිය දිවිතුර ,බද්දේගම ,කඩවස්සතර ,යක්කලමුල්ල ,බෝපේ පෝද්දල ඇල්පිටිය සහ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල අවධානම පවතීයි.

ඒ හේතුවෙන් එම ප්‍රදේශ වල පළා වර්ග සහ පලතුරු වර්ග ආහාරයට ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය.

විශේෂයෙන් පානීය ජලය පානය කිරීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.

මේ අතර මේවන විට ගංවතුර පැවති ප්‍රදේශ වලින් සුළු වශයෙන් විවිධ බෝවන රෝග වැළදුණු පුද්ගලයන් හමුවී තිබේ.

එම පුද්ගලයන් ප්‍රතිකාර සදහා යොමුව තිබේ.