Spread the love

බොරැල්ල මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට මහල් නිවාස සංකීර්ණයක් අසල ඊයේ (19) රාත්‍රී සිදුවූ අවෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ., වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ අදාළ නිවාස සංකීර්ණයේ කුලී පදනම මත සිටින 38 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය ප්‍රකාශ කරයි.