Spread the love

අධික ජල, විදුලි බිල්පත් සහ වැට් බදු හේතුවෙන් රට පුරා පාන් ඇතුලු බේකරි නිෂ්පාදන ආයතන දහසකට වැඩි ප්‍රමාණයක් කඩාවැටී ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ගුණවර්ධන පවසයි.

බේකරි නිෂ්පාදන මිල ඉහළ යාම, බිත්තර මිල ඉහළ යාම සහ පාරිභෝගිකයින් බේකරි නිෂ්පාදන පරිභෝජනයෙන් ඉවත්වීම නිසා බේකරි කර්මාන්තය කඩා වැටීමට ප්‍රධානතම හේතුවක් වී ඇතැයිද පැවසුවේය.