Spread the love

මොරටුව පොලිස් වසමේ රතුකුරුස වත්ත, ලක්ෂපතිය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු නාදුනන පුද්ගලයින් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර ඇති බවට මොරටුව පොලිසියට ලද 118 දුරකථන පණිවිඩය මත විර්මශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 42 ක් වූ ලක්ෂපතිය, ‌මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

මරණකරුගේ බිරිඳ සමඟ ඇතිව තිබූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳ විසින් තම ‌සහෝදරයා නිවසට කැඳවාගෙන ඔහුගේ සහයද ඇතිව තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විර්මශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සැකකාරිය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලිසිය වැඩිදුර විර්මශන සිදු කර ගෙන යනු ලබයි.