Spread the love

පසුගිය දිනවල රුපියල් විසි ගනන් දක්වා විශාල ලෙස පහත වැටුණු බිත්තර මිල නැවතත් ඉහළ යමින් තිබේ.

මේ වන විට රට පුරා බොහෝ ප්‍රදේශවල බිත්තරයක සිල් අර මිල රුපියල් 40 ඉක්මවා ඇති බව වාර්තාකරුවන් සඳහන් කරති.

ඇතැම් ප්‍රදේශවල බිත්තරයක් රුපියල් 45ටද අලෙවිවන අවස්ථා තිබේ.

බිත්තර වෙළඳුන් සඳහන් කරන්නේ නිෂ්පාදනය පහත වැටීම හමුවේ බිත්තර මිල ඉහළ යමින් ඇති බවයි.

පවතින තත්ත්වය මත ඉදිරි දින කිහිපයේදී බිත්තර මිල තවදුරටත් ඉහළ යනු ඇති බවද ඔවුන් කියා සිටිති.