Spread the love

බිත්තර මිල කෘතිමව ඉහළ දැමීමට මුල්වී ඇත්තේ බලවත් දේශපාලඥයෙකුගේ ඥාතියකු බව ජාතික පුවත්පතක වාර්තාවක් පළකර ඇත.

එම බිත්තර ව්‍යාපාරිකයා ජාඇල ප්‍රදේශයේ ශීතාගාර හිමියකු බවද වාර්තාවේ සඳහන්ය.

බිත්තරයක් රුපියල් 38ක මිලකට දැනට සති දෙකකට පෙර අලෙවි වෙද්දී බිත්තරයක් රුපියල් 50ට අලෙවි කිරීමට ඔහු උත්සාහ ගෙන තිබේ.

ඒ අනුව ගොවිපොළ හිමියන්ද බිත්තර තොග මිල රුපියල් 42ක් දක්වා ඉහළ දැමීමෙන් පසු මෙම මිල ඉහළ යාම සිදුව ඇති බවද සඳහන්ය.