Spread the love

වෙළඳපොළේ බිත්තර මිල යළිත් ඉහළ ගොස් ඇති නිසා පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයකට පත්වි තිබේ.

උත්සව සමය ආරම්භ වීමටත් පෙර තොග වෙළඳුන් බිත්තර තොග සැඟවීම බිත්තර මිල ඉහළ යාමට හේතුවී ඇතැයි ශ්‍රි ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.
ඇතැම් තොග වෙළදුන් බිත්තර අළෙවි කරන්නේ රුපියල් 50 ඉක්මවු මිලකට වුවද ගොවිපළ තුළ බිත්තර අළෙවි වන්නේ රුපියල් 40ත් 42ත් අතර මිලකට රැගෙන විත් ඇතැම් තොග වෙළදුන් රුපියල් 50 කට අලෙවි කරන බව ශ්‍රි ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසයි.

බිත්තර වැඩි මිලට අළෙවි කරන කූඨ වෙළඳුන්ගෙන් බිත්තර මිලදී නොගැනීමට පාරිභෝගිකයින් වගබලා ගතයුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.