Spread the love

බිත්තර සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල අද (15) දිනය තුළ අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරිය පෙන්වාදෙන්නේ, අධිකරණය විසින් සිදුකළ දැනුම්දීමට අනුව එම නව සංශෝධිත මිල ප්‍රකාශයට පත් කරන බවය.

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ (14) තීන්දු කළේය.

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඉදිරිපත් කළ පෙත්සම කැඳවු අවස්ථාවේ අධිකරණය එම නියෝගය ලබාදුන්නේය.

ඒ අනුව බිත්තර සඳහා නව මිලක් කඩිනමින් නියම කරන ලෙස ද අභියාචනාධිකරණය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කළේය.