Spread the love

යාපනය පැරණි පෞද්ගලික බස්නැවතුම්පල ආසන්නයේ පිහිටි බැංකුවක් අසලදී වෑන්රථයක් හදීසියේම ගිනිගෙන විනාශ වී ඇතැයි යාපනය පොලීසිය පවසයි.

පැරණි බස්නැවතුම්පල ආසන්නයේ පිහිටි අදාල බැංකුවට අද උදෑසන මෙම වෑන් රථයෙන් පැමිණී අයෙකු බැංකුව තුලට ගොස් මද වේලාවකට පසුව වෑන්රථය තුලින් ගින්නක් ඇවිලී ඇති අතර පසුව ඒය වෑන් රථය පුරාම ව්‍යාප්ත වී ඇත.

වෑණ් රථය ගිනිගැනීම අසල්වාසීන් විසින් හිමිකරුටද දැනුම් දී ගින්න නිවා දැමීඹට උත්සහ දැරුවද ඒය අසාර්ථක වී ඇති අතර පසුව ඒ් පිළිබඳව යාපනය මහනගර සභාවේ ගිනිනිවීමේ ඒ්කකයට දැනුම් දීමෙන් පසුව ඒහි නිලධාරීන් පැමිණ ගින්න මැඩපැවත්වීමට පියවර ගනු ලැබූහ.

වෑන් රථයේ ගින්න නිවා දමන විටත් වෑන් රථය සම්පූරණයෙන්ම ගිනිගෙන දැඩි හානියක් සිදුව ඇති අතර ගින්න ඇතිවීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරනය වී නොමැති බවටත් කාර්මික දෝෂයකින් ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න ඇතිවන්නට ඇතැයි සැක පල කරන බවටද පරික්ෂන සිදුකරන යාපනය පොලීෂය වැඩිදුරටත් පැවසීය.