Spread the love

යම් නීති මාලාවකට යටත්ව, ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා ඇත.

බස්රථ හිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන්.

බස් රථ අලංකරණය කිරීම වෙනම කර්මාන්තයක් මෙන්ම කලාවක් බව පැවසූ නාමල් රාජපක්ෂ කියා සිටියේ, ජනතාවට හානි නොවනවා නම් බස්රථ අලංකරණය කිරීමෙහි කිසිදු ගැටලුවක් නොමැති බවයි.

එමෙන්ම මාර්ග නීති කඩ කිරීමට මෙන්ම ජනතාවට අපහසුතාවක් ගෙන දෙන යම් ක්‍රියා සඳහා ඇති නීති එලෙසම ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පවසා ඇත.

නමුත් ජනතාවට හානි නොවන ආකාරයේ අලංකරණ කටයුතුවල නිරත වී ඇති බස්රථවලට සහනයක් දෙන මෙන් ඉල්ලා සිටින බවයි මන්ත්‍රීවරයා පැවසීය. මාර්ග බලපත්‍රවලට පිටින් හා බස්රථ බලපත්‍රවලට පිටින් නොයන බස් රථ අලංකරණ කටයුතු සිදුකිරීම වරදක් නොවන බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා ඇත.