Spread the love

මුල්කිරිගල – ගුණරත්න

තංගල්ල මහවෙල පාරේ රෝහල් හන්දිය අසලින් පාර මාරුවීමට තැත් කල කාන්තාවක් (13) සවස 4 ට පමණ ලංගම බස් රථයක හැපී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත පලපොත නැගෙනහිර ,යායවත්තේ අංක 39 නිවසේ පදිංචිව සිටි මොරටු හේවාගේ සුරංගිකා නමැති 42 හැවිරිදි තිදරු මවකි .

කාන්තාව අනතුරට පත් කල ලංගම බස් රථය කොළඹ සිට කතරගම දක්වා ධාවනය කල එකකි .
ලංගම බස් රථයේ රියදුරා අත් අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය .
ජීවිතක්ෂයට පත් කාන්තාවගේ දේහය තංගල්ල මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ .
තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .