Spread the love

චාවකච්චේරිය යාපනය මහනුවර මාර්ගයේ අයියකඩේ හන්දිය අසල දී බස් රථයක් හා එම දෙසටම ධාවනය වු පා පැදියක ගැටි බරපතළ තුවාල ලැබු පා පැදිකරු යාපනය රෝහලට ඇතුලත් කිරිමේන් පසු මියගොස් ඇති බව චාවකච්චේරිය පොලිසිය පවසයි .

යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වු බස් රථයක ගැටි අනතුර සිදු වී තිබේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 19 ක් වු අයියකඩේ මිසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මෘත ශරිරය යාපනය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්තඩංගුවට ගෙන තිබේ.

චාවකච්චේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .