Spread the love

රජය විසින් වැට් බද්ද ඉහල දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතුව ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මේ ගැන ඉක්මනින්ම ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ජනවාරි මාසයේදී බස් ගාස්තු සංශෝධනය සිදුකිරීමට බලාපොරොත්තු වන බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

වැට් බද්ධ ඉහළ දැමීමත් සමඟ බස් රථවල මිල ගණන් මෙන්ම අමතර කොටස් මිලද ඉහළ යන බවද ඔහු පැවසීය.

එමෙන්ම ඉන්ධන මිල සේවා ගාස්තු සියල්ලම ඉහළ යන යන නිසා පවතින ගාස්තු යටතේ සේවාව සිදු කිරීම අපහසු බවද කියා සිටියේය.

ඒ අනුව ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍ය නිලධාරින් සමග සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවත් හෙතෙම තවදුරටත් සදහන් කරයි.