Spread the love


යාපනය මහනුවර A9 මාර්ගයේ උලන්කුලම ප්‍රදේශයේදී අධික වේගයෙන් පැමිණි පෞද්ගලික බස් රථයක් හා වෑන්‍ රථයක් මුහුණට මුහුණ ගැටී මෙන් වෑන් රථයේ රියදුරු ඇතුළු පස් දෙනෙකු බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා මරදන් කඩවල රෝහලට ඇතුළු කර තිබේ.


අනතුර සිදුවී ඇත්තේ ඊයේ (05) රාත්‍රියේයි. රෝගින්ගේ තත්ත්වය බර පතල බැවින් රාත්‍රියේම වැඩි දුර ප්‍රතිකාර සදහා රෝගින් අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යැවු බව මරදනක්ඩවල පොලිසිය පවසයි.

වව්නියාව සිට අක්කරේපත්තුව බලා ගමන් කළ පෞද්ගලික බස් රථයක් මර්ගයේ වංගුවක් සහිත ස්ථානයකින් වේගය පාලනය කරගැනීමට නොහැකිව ගමන්ගත් මං තීරුවෙන් ඉවතට පැන ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලීසිය පරීක්ෂණ පවත්වයි.