Spread the love

2024 අයවැය යෝජනාවල දැක්වෙන ආකාරයෙන් සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට කටයුතු කරන බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් ආචාර්ය කපිල කුමාරසිංහ පවසයි.

ඒ අනුව මත්පැන් නිෂ්පාදනාගාර ආශ්‍රිතව පවතින ඉතාමත් අඩු ගාස්තු ප්‍රමාණයන් සැලකිය යුතු මට්ටමකින් වැඩි කිරීමට කටයුතු කිරිමට නියමිතයි.

එසේම මත්පැන් කර්මාන්තයේ නිෂ්පාදන ක්ෂේත්‍රයට ඇතුළුවීමට උත්සාහ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නිසි පිළිගත් ආයෝජන හැකියාවකින් යුක්ත පිරිසට පමණක් ඊට පිවිසීමට අවස්ථාව ලබාදීමටත් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.

සුරාබදු බලපත්‍ර විවෘත කර තැබීමේ කාලසීමාවන් කාලානුරූපීව සංශෝධනය කිරීමටත් ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි ආචාර්ය කපිල කුමාරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.