Spread the love

අමතරව සිගරට් අලෙවියේ වර්ධනය ද සිගරට්වලින් ලද බදු ආදායම ඉහළ යෑමට හේතු විය. මෝටර් රථ ආනයන මත පනවන ලද සීමා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමත් සමඟ මෝටර් රථවලින් ලද නිෂ්පාදන බදු ආදායම 2022 වසරේ දී රුපියල් බිලියන 14.5ක් දක්වා සියයට 19.9කින් තවදුරටත් පහළ ගියේය. තවද, 2022 වසරේ දී රට තුළ පැවති විදේශ විනිමය ද්‍රවශීලතා හිඟය මධ්‍යයෙහි ඛනිජ තෙල් ආනයනය පහළ යෑම හේතුවෙන් ඛනිජ තෙල් මත වන නිෂ්පාදන බදු ආදායම, 2021 වසරේ පැවති රුපියල් බිලියන 55.3ට සාපේක්ෂව 2022 වසරේ දී රුපියල් බිලියන 53.1ක් දක්වා අඩු විය. එසේම, මත්පැන් සහ සිගරට් සඳහා උද්ධමනය පාදක කරගත් සුරා/නිෂ්පාදන බදු ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබිඹු කරමින් ද.දේ.නි.යෙහි ප්‍රතිශතයක් ලෙස සුරා/නිෂ්පාදන බදු ආදායම 2021 වසරේ පැවති සියයට 1.7 සිට 2022 වසරේ දී සියයට 1.4ක් දක්වා අඩු විය. උද්ධමනයෙහි සිදු වන වෙනස් වීම් සුරා/නිෂ්පාදන බදුවලට ගැළපීමේ අරමුණ ඇතිව, 2023 වසරේ ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රජය විසින් සිගරට්, මද්‍යසාර සහ ඛනිජ තෙල් නිෂ්පාදන මත වන සුරා/නිෂ්පාදන බදු ඉහළ නංවන ලදී.

ගෙවුම් ශේෂය මත වන පීඩනය සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක කරන ලද ආනයන පාලන ක්‍රියාමාර්ගවල බලපෑම යම් තරමකට පිළ සංවර්ධන බද්ද හැර, විදේශ වෙළ ගියේය. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම ඇතුළු ආනයන පාලන ක්‍රියාමාර්ග පැනවීම සහ විදේශ විනිමය අනුපාතය අවප්‍රමාණය වීම හා සීමාකාරී මූල්‍ය තත්ත්ව මධ්‍යයෙහි ආනයන සඳහා වූ ඉල්ලුම පහළ යෑම හේතුවෙන්, ආනයන බදුවලින් ලද ආදායම, 2021 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 64.3ට සාපේක්ෂව 2022 වසරේ දී රුපියල් බිලියන 50.0 දක්වා සියයට 22.3කින් අඩු විය. මේ අතර, විශේෂ වෙළ සංවර්ධන බද්දෙන් ලැබෙන ආදායම, 2021 වසරේ පැවති රුපියල් බිලියන 154.1ට සාපේක්ෂව 2022 වසරේ දී රුපියල් බිලියන 180.6ක් දක්වා ඉහළ ගියේය. ඛනිජ තෙල් නිෂ්පාදන, සිමෙන්ති ක්ලින්කර්, යකඩ, අමුද්‍රව්‍ය සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වැනි භාණ්ඩ කිහිපයක ජාත්‍යන්තර මිල ගණන් අවස්ථා කිහිපයක දී ඉහළ යෑම සහ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්දෙන් ලැබෙන ආදායම වැඩිවීමට හේතු විය.

බදු නොවන ආදායම සියයට 43.4කින් ඉහළ ගිය අතර, ගාස්තු හා අයකිරීම්වලින් ලැබෙන ආදායම සහ 2021 වසරේ මූල්‍ය ප්‍රකාශ මත පදනම්ව මහ බැංකුව විසින් සිදු කළ ලාභ පැවරුම් ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ අනුව, ගාස්තු හා අයකිරීම්වලින් ලැබෙන ආදායම, 2022 වසරේ දී රුපියල් බිලියන 90.1ක් දක්වා රුපියල් බිලියන 47.4කින් ඉහළ ගිය අතර, ප්‍රධාන වශයෙන් තැපැල් සහ දුම්රිය දෙපාර්තමේන්තුවල ගාස්තු හා අයකිරීම් සංශෝධනය කිරීම මෙයට හේතු විය. මහ බැංකුව විසින් සිදු කළ ලාභ පැවරුම්, 2021 වසරේ වාර්තා වූ රුපියල් බිලියන 15.0ට සාපේක්ෂව 2022 වසරේ දී රුපියල් බිලියන 30.0ක් දක්වා වැඩි විය. මීට අමතරව, සමාජ ආරක්ෂණ දායක මුදල්වලින් ලද ආදායම ද 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ දී රුපියල් බිලියන 37.4ක් දක්වා සියයට 8.1කින් වැඩි විය. මේ අතර, පොලී සහ බදු කුලී ආදායම වසර තුළ දී රුපියල් බිලියන 13.2ක් දක්වා සියයට 14.1කින් ඉහළ ගිය ද, ලාභ හා ලාභාංශ රුපියල් බිලියන 28.1ක් දක්වා සියයට 8.2කින් පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාවෙහි මේ බව සඳහන් වේ.